මගේ පළමු කතාව
මම හිම්සර. මගේ මල්ලි නිම්සර. මල්ලි කිව්වට මගේම මල්ලි නෙවෙයි. ඉස්කෝලෙ යාළුවෝ කියන්නෙ ගෑණියි මිනිහයි. අම්මලා තාත්තාලා ගුරුවරු කියන්නෙ හොඳම යාළුවෝ කියලා. ඒත් මට එයා මගේම සහෝදරයා. මොකක්ද හේතුවකට අපි එක කුස නොඉපිදුනත් අපි දෙන්නාගේ බැදීම ලේ බැඳීමකටත් වඩා ශක්තිමත්. මම හිම්සරයි, එක්කෝ මම මල්ලි කියලාම කියන්නම්. මමයි මල්ලියි එකම දවසේ අම්මලා දෙන්නෙක් කුසේ ඉපදුනේ. මල්ලි මට වඩ පැයක් පරක්කුයි. ඒ නිසා තමා එයා මල්ලි වෙලා මම අයියා වුණේ. මල්ලිගේ අම්මා නර්ස් කෙනෙක් තාත්තා ආමි එකේ. මල්ලිට අවුරුදු 2දි විතර අම්මාට මාරුවක් හම්බවෙලා අපේ අල්ලපු ගෙදරට පදිංචියට ආවේ. අපේ අම්මායි තාත්තායි දෙන්නාත් ඒ වගේ තමා. ගොඩක් වෙලාවට අපි දෙන්නාගෙම ගෙදර කවුරුත් නෑ. මල්ලිට අවුරුදු 7ක් විතර වෙනකං මල්ලිගේ ආච්චි තමා අපි දෙන්නාවම බලාගත්තේ. ආච්චි නැති වුණාට පස්සෙ අපි දෙන්නා ගෙදර හිටියේ තනියෙම. අපි දෙන්නා එකටම තමා ඉස්කෝලෙ ගියේ ආවේ. කෑවේ බිව්වේ එකට. නිදාගත්තේ එකම ඇදේ. එක්කො අපේ ගෙදර, නැත්තං මල්ලිලාගේ ගෙදර. සෙල්ලම් කරේ එකට. බැරි වෙලා හරි එකෙක්ට අසනීප නම් අනිකත් එදාට නිවාඩු. ඉතිං මේ සිද්ධිය සිද්දඋනෙත් අන්න ඒ වගේ මල්ලි අසනීප න...